අගවිනිසුරු පක්ෂපාතීත්වය වතිකානු සංචාරයෙන්ම පේනවා

Published in පුවත්
Thursday, 09 October 2014 11:08

අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ වතිකානු සංචාරයට එක්වීම මගින් ඔහුගේ පක්ෂග්‍රාහීභාවය පැහැදිලිව ප්‍රදර්ශනය වන බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා පවසයි.

ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරඟ වැදිය හැකිදැයි විමසන නඩු විභාගයට අගවිනිසුරු මොහාන් පීරිස් සහභාගි වන්නේ නම් එයට විරෝධය පළ කරන බව හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා මහතා පවසයි. 
 
"එතුමාට කිසිවිටෙකවත් ජනාධිපති සමඟ ඔයවැනි සංචාරයකට සහභාගි වීමට අවකාශයක් නෑ. අපි අවශ්‍යතාවයක් වුණොත් එතුමා මේ නඩුව විභාග කිරීමට විරෝධතාවයක් නඟනවා ඒ අවස්ථාවේදී," යනුවෙන් ඔහු සඳහන් කර ඇත. 
 
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, තුන්වැනි වරටත් ජනපති පදවියට තරඟ කළ හැකිදැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවට ඔහු නගන තර්කය පිළිබඳව සංදේශය විමසූ අවස්ථාවේදීය. 
 
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇත්තේ යම්කිසි පවතින නඩුවකදී ඒ ප්‍රශ්නය මතුවුවහොත් පමණයි. ඉතින් මේ කරුණ තාම මතුවෙලා නෑ," යනුවෙන්ද හිටපු අගවිනිසුරුවරයා පවසා තිබේ. 
 
කෙසේ වෙතත් බැටී වීරකෝන් නීතිඥවරයා සරත් එන් සිල්වා මහතාගේ තර්කය ප්‍රතික්ෂේප කර ඇති බවද සංදේශය පෙන්වාදෙයි. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක මතයක් ලබා ගැනීමේ බලයක් ජනාධිපතිවරයාට තිබෙන නමුත් ඒ බලය හිමි වන්නේ පොදු වැදගත්කමක් සහිත කරුණක් අරභයා පමණක් බව පෙන්වා දෙන ඔහු, මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයාට යළිත් වරක් තරඟ කළ හැකිද යන්න පොදු වැදගත්කමක් සහිත කරුණක් නොවන බවද පවසයි. 
 
මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙරාතුව බැවින් ඔහුට යළිත් වරක් ජනපතිවරණයට තරඟ වැදිය නොහැකි බව හිටපු අගවිනිසුරුවරයාගේ තර්කය වී තිබේ. 
 
එහෙත් විදේශ අමාත්‍ය ජීඑල් පීරිස්, හිටපු අමාත්‍ය බැටී වීරකෝන් වැනි දේශපාලන නායකයන් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ද එම තර්කය ප්‍රතික්ෂේප කරනු ලබයි. 
 
"ඒක එයාලගේ මතය වෙන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ මෙහෙමයි.“ 
 
“ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් නොවන්නේය' කියලා," යන්න ආණ්ඩුවේ පාර්ශවයෙන් ඉදිරිපත් වන තර්කයට හිටපු අගවිනිසුරුවරයා ප්‍රතිචාර දක්වා තිබේ. 
 
පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසීමට අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බවද සංදේශය අනාවරණය කරයි.
 
(මූලාශ්‍රය අදදෙරණ)
Last modified on Thursday, 09 October 2014 13:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us