ආනන්ද සංගරී, මොදීට ලියයි

Published in පුවත්
Saturday, 04 October 2014 10:50

දෙමළ ජාතික සන්ධානය හැර අනෙකුත් දේශපාලන පක්ෂ සමග දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.



නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් ආනන්ද සංගරී මහතා පවසන්නේ, දෙමළ සන්ධානය සමග දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමෙන් යහපතක් අත් නොවන බවයි. 


ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අපේක්ෂාවන් අනුව මිස දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන බව  ආනන්ද සංගරී මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත. 

ශ‍්‍රී ලංකවේ දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳ සැබෑ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට දෙමළ සන්ධානයෙන් බාධා එල්ල වන බවද එහි දැක්වේ.

 එල්.ටී.ටී.ඊය විසින් සිදු කරන ලද අමානුෂික ඝාතනයන් හී වගකීම දෙමළ සන්ධානයට ද පැවැරෙන බව ඔහු මෙම ලිපිය මගින් අවධාරණය කරයි.

එම තත්ත්වය සලකා දෙමළ ජනතාවට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් මධ්‍යස්ථ දෙමළ පක්ෂ සමග සාකච්ඡුා සිදුකරන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත. 

පසුගිය ජුනි මාසයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායමක් ඉන්දීය සංචාරයක නිරත වු අතර, එහි දී දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය රජය අවධානය යොමු කළ බව  දෙමළ සන්ධානය නිවේදනය කළේය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us