පාප් වහන්සේගේ සංචාරයට කොන්දේසියක් !

Published in පුවත්
Saturday, 04 October 2014 07:20

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති.

වතිකාන ගුවන් විදුලියේ සංස්කාරකවරයකු වන රොබින් ගෝමස් මහතා ඒ බව කියාසිටියේ, ලබන ජනවාරි මාසයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳව වතිකානයේ ප්‍රතිචාරය කවරක් වනු ඇත්දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේය.

වතිකානය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කොට නැති බව සඳහන් කළ රොබින් ගෝමස්, කෙසේ නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනටමත් ප්‍රකාශ කොට තිබෙන බව පෙන්වා දුන්නේය.

ලබන ජනවාරි 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය දැනටමත් නිවේදනය කොට තිබේ.

ඒ සඳහා පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ වතිකානයේ සංචාරයක නිරත වී සිටියි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (03 ) පෙරවරුවේ වතිකාන මාලිගයේදී ශුද්ධොත්තම පළමුවැනි ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ බැහැ දකිමින්, ලබන වසරේ ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප් වහන්සේගේ චාරිකාව සඳහා නිල ඇරයුම උන්වහන්සේ වෙත පිළිගැන්වීය.


ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වල සාධාරණ ගැටලුවලට විසඳුම් ලැබෙනු දැකීම සිය අපේක්ෂාව බව පාප් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ සඳහන් කළ බවත් රොබින් ගෝමස් මහතා සංදේශයට පැවසීය.

පාප් වහන්සේගේ සංචාරයට දින කිහිපයකට පෙරාතුව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇති බව ජනමාධ්‍ය මෙන්ම විරුද්ධ පක්ෂද පවසන අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ කාර්යාලයක්ද පසුගියදා විවෘත කෙරුණු බවත් ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us