මාධ්‍යවේදීන් අද කොටුවේ !

Published in පුවත්
Friday, 03 October 2014 10:02

හාලිඇල ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් අද කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වේ.




'මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව' විසින් සංවිධානය කරන එම විරෝධතාවය අද දහවල් 12.00ට කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිටදී පැවැත්වේ. ඊට මාධ්‍ය සංවිධාන 10ක නියෝජිතයන් සහභාගිවීමට නියමිතය. 


මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  ජන සන්නිවේදකයින්ගේ සමුපකාර සංගමයේ විධායක අධ්‍යක්ෂ ජූඞ් සමන්ත මහතා මෙසේ පැවසිය. 

 '' මෑතක සිට ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ප‍්‍රහාරයන් එල්ල වන්න, තාඩනපීඩන එල්ලවන්න පටන් අරන් තියෙනවා. අලූත්ගම වේවා, හාළිඇළ වේවා ඒ හැම තැනදීම ප‍්‍රහාරයට ලක්වූයේ ප‍්‍රාදේශීයව සිටින අපේ අයට. ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬ රටට අරගෙන යන පිරිස තමයි මෙලෙස ප‍්‍රහාරයට ලක්වූයේ. මොන භයක්ද මොන හේතුවක්ද කියන එක කියන්න දන්නේ නැහැ. නමුත් අපි කියන්නේ එකම දෙයයි. කරුණාකර මෙය නවතින්න  ඕන.

පුරවැසි මාධ්‍යවේදියා, පුරවැසියා වෙනුවෙන් පෙනී සිටින්නා වූ රට පුරා සිටින අපගේ පුද්ගලයන්ට පහර දෙන එක, පීඩා කරන එක නතර කරන්න  ඕන. දේශපාලන අධිකාරිය අමතක කරන්න එපා, ඔබ අද යම්කිසි තැනකට පැමිණිමට අවශ්‍ය පිට්ටනිය සකසා දුන්නේ මේ රට පුරා සිටින මාධ්‍යවේදීන්. එම නිසා කරුණාකර ඔවුන්ට අත තියන්න එපා. එම අත තියන්න එපා කියන පණිවුඩය තමයි අපි අද (03)   දහවල් 12ට කොටුව දුම්රිය ස්ථානය අසලදී දෙන්නේ.

රට පුරා සිටින මාධ්‍ය සගයින්ට සහ මාධ්‍ය සගයින්ට ආදරය කරන්නා වූ සෑම සිවිල් සංවිධානයකටම අපි ආරාධනා කරනවා 3 වැනිදා දහවල් 12ට එන්න, පුරවැසි මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම සුරකින්න, රට පුරා ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.


පසුගිය 22 වෙනිදා හාලිඇල නගරයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම වාර්තා කිරීමට ගිය චන්දන කුරුප්පුආරච්චි පහරකෑමට ලක්විය.

එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us