ජනපතිවරයා ජෝන් සමග වතිකානයට

Published in පුවත්
Thursday, 02 October 2014 10:42

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වතිකානය බලා පිටත්ව යාමට නියමිතය. අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා නිළ වශයෙන් ආරාධනා කිරීම මෙම සංචාරයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේ ලබන වසරේ ජනවාරි 13 වනදා දෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. උන්වහන්සේ කොළඹදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකටද එක්වීමට නියමිතය.

අනතුරුව උන්වහන්සේ මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වීමටද තීරණය කර ඇති බව කොළඹ අගරඳගුරු නිළ නිවස මීට පෙර නිවේදනය කළේය.

මේ සඳහා ශ‍්‍රී ලංකාවේ නිළ ඇරයුම ජනාධිපතිවරයා විසින් පාප් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතාද අද ජනාධිපතිවරයා සමග වතිකානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඔහු සඳහන් කළේ රටේ සමස්ත ජනතාවට ආශිර්වාද ලබාදීම සඳහා දිවයිනට පැමිණෙන්නැයි උන්වහන්සේට මෙහිදී ආරාධනා කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us