ජාතික හා පළාත් පාසල්වල ගුරුවරුන් වෙනුවෙන් විශේෂ සහන රැසක්

Published in පුවත්
Tuesday, 15 September 2026 10:17

ජාතික හා පළාත් පාසල්වල ගුරුවරුන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සහ ශ්‍රේණි උසස්වීම් වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සංශෝධිත ගුරු ව්‍යවස්ථාව ප්‍රකාරව නව විභාග ක්‍රමය හඳුන්වා දීම හේතුවෙන් පෙර පැවැති මොඩියුල ක්‍රමයට අදාළව කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමට නොහැකි වූ ගුරුවරුන්ට මෙම සහන හිමිවන බවයි.

ඒ අනුව, 2022 ඔක්තෝබර් 23 වනදා සිට 2025 ජුනි 30 දක්වා කාලය තුළ ගුරු සේවයේ පළමු (I) ශ්‍රේණියට උසස්වීම් හිමිවන ගුරුවරුන්, තෙවන කාර්යක්ෂමතා කඩඉම III සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙන අතර පූර්ව කාර්යක්ෂමතා කඩඉම් ඊළඟ උසස්වීමට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස්වීම් ලැබූ නිලධාරීන් ද එම අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව, 2025 ජුනි 30 වනදා සිට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැසට් කරන ලද දින දක්වා කාලය තුළ ශ්‍රේණි උසස්වීම් ලැබීමට නියමිත නිලධාරීන්ට ද මොඩියුල හෝ කඩඉම් විභාග සම්පූර්ණ කිරීම නොසලකා ශ්‍රේණි උසස්වීම් ලබා දීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව සියලු පාර්ශ්වයන් නිල වශයෙන් දැනුවත් කරමින් අදාළ අධ්‍යාපන චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us