විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට

Published in පුවත්
Friday, 28 August 2026 09:08

විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණය ඉතා සාදරයෙන් පිළිගන්නා බවත් මෙය වසර 15ත් 20ත් අතර කාලයක් පුරා පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටුවීමක් වන බවත් ය.

මෙම පියවර හරහා මහජනතාවට වඩාත් ගුණාත්මක මෙන්ම වගකීම් සහිත විශේෂඥ සේවාවක් ලබාදීමටත්, වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකිවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම යෝජනාව පිළිගෙන ඊට අවශ්‍ය නායකත්වය ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මෙය යථාර්ථයක් කිරීමට කැපවූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්තූතිය හිමිවන බව ද ඒ මහතා පැවසීය.

වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ රජය ගත් මෙම තීරණය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට ලැබුණු විශාල වරප්‍රසාදයක් බවත්, ඉදිරියේදී වඩාත් උසස් හා ගුණාත්මක සේවාවක් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත්ය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා,

''මෙය ඉතාම වැදගත් අවස්ථාවක්. රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට. මෙය අවුරුදු පහළවක, විස්සක ඉල්ලීමක්. මේ අමාත්‍ය මණ්ඩල තීරණය විශේෂඥ වෛද්‍ය සංගමය වන අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. මේ තීරණය මගින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් හා වගකීම සහිත විශේෂඥ සේවයක් ලැබෙන්න පුළුවන්. ඒ වාගේම ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් වෙයි. අපි විසින් ඉදිරිපත් කරපු යෝජනාව පිළිඅරගෙන, ඒ යෝජනාවට අවශ්‍ය නායකත්වය දීපු, අතිගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාට, අපි ඉතාම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ නායකත්වය, එතුමා ගත්ත තීරණය නිසා තමයි මේක සාර්ථක වුණේ. ඒ වාගේම මේක යථාර්තයක් කරන්න අවශ්‍ය හැම පියවරම ගත්ත සෞඛ්‍ය ඇමතිතුමා නලින්ද ජයතිස්ස ඇමතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේම ඇමති මණ්ඩලයේ සියලු ඇමතිවරු, ඒ වාගේම මුදල්, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් දීපු සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍ය සංගමයේ අපි කියන්න කැමතියි, රජය විසින් ගත්ත මේ තීරණය නිසා, මෙරට සෞඛ්‍ය සේවයට ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. වඩාත් ගුණාත්මක සේවය ඉස්සරහට ලැබිය යුතුයි. ''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us