නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අනුව ඉන්දියානු සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්ත සංචාරක පැමිණීමෙන් 22% කි. මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,738ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 8,106ක් ද මෙම දින 16 තුළ දිවයිනට ළඟා වී තිබේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි මස 01 වන දින සිට අගෝස්තු මස 16 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ එකතුව 1,456,725ක් ලෙස සටහන් වී ඇත.
එම සමස්ත කාලය තුළද වැඩිම සංචාරකයින් පිරිසක් (363,585ක්) පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 143,139ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

