සේවකයන් 150 ක් එකවර ඉවත් කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයක

Published in පුවත්
Thursday, 13 August 2026 09:43

දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතව සිටි පරිවාස කාලය නිසි පරිදි සම්පූර්ණ නොකළ සේවකයන් 150 දෙනකු එකවර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් සේවා නිසි පරිදි පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු බොහෝමයක් පැවතියදී වසර ගණනාවක් පළපුරුදු ශ්‍රමිකයන් ඉවත් කිරීම කාලෝචිත නොවන බව දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් පැවසීය.

2014 වසරේදී ආදේශක කම්කරුවන් ලෙස බඳවාගත් මෙම සේවකයින් 2019 වසරේදී වසර තුනක පරිවාස කාලයකට යටත්ව ස්ථිර කළ බවත්, එලෙස පරිවාස කාලය සම්පූර්ණ කළ නොහැකි වූ සේවකයින් 150 දෙනකු දුම්රිය කාර්මික, ඉලෙක්ට්‍රික්කරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ස්ථිර නොමැතිව රාජකාරි කළ බවත් හෙතෙම කීවේය. වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය සේවකයන්ටද අවශ්‍යතාව මත සේවා දිගු ලබාදෙන පසුබිමක දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ පළපුරුදු මෙම සේවකයින් 150 දෙනා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවද මොවුන් සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගන්නැයි තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us