ලෝක අලි දිනය අදයි

Published in පුවත්
Wednesday, 12 August 2026 09:16

පරිසර අමාත්‍යාංශය පවසන්නේ පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් වන මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වනඅලීන්ගේ සුරක්ෂිතතාවය හා පැවැත්ම පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇති බවය.

වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් සංචරණ මාර්ග සහ අලි මංකඩ අවහිර වීම නිසා අහිතකර පාරිසරික බලපෑම් එල්ල වී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර වර්තමානය වනවිට වනඅලින්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් “අද දෙරණ” පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාගෙන් විමසීමක් කළේය.

“ලංකාවේ පසුගිය කාලය තුළ අලින් 5,000ක් පමණ ඉන්නවා කියලා යෝජනා තිබුණි. නමුත් පසුගිය කාලය තුළ වනජීවි සමීක්ෂණය අනුව වනඅලි 7,000කට වඩා සිටින බව කිව්වා. ඒ ප්‍රමාණය පිළිබඳ අපිට ගැටලු තියෙනවා. නමුත් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා වසරකට අලි ඇතුන් 400කට අධික ප්‍රමාණයක් මියයනවා ඒ වගේම මිනිස් ජීවිත 200 ආසන්න ප්‍රමාණයක් මියයන අලි මිනිස් ගැටුමේදී. මේ දක්වා වසරේ අලි මරණ 180ක් සිදුවෙලා තියෙනවා. මිනිස් මරණ 56ක් සිදුවෙලා තියෙනවා. එයිනුත් අලි මරණ 75ක් විතර මිනිස්සු අතින් සිදුවෙලා තියෙනවා. වෙඩි තියලා 30 දෙනෙක් විතර අලි මැරිලා, 23ක් විදුලිය පාවිච්චි කිරීම හරහා සහ 19ක් හක්කපටස් හරහා. අලි මරණ දිගින් දිගටම වැඩි වෙන්නේ මේ දෙගොල්ලෝම ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් එකට වාසය කිරීම.”

අලි මිනිස් ගැටම්වලට විසඳුමක් ලෙස තම සංවිධානය මඟින් යොමු කර ඇති විධිමත් වැඩපිළිවල ක්‍රියාත්මක කළයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ඊයේ (11) සවස අඹන්පොල පොලිස් වසමේ නැලව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට අඹන්පොල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා තම කුඹුර වෙත පැමිණි වනඅලි පළවා හැරීමට උත්සහා කිරීමේදී වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us