ප්‍රධාන මාර්ගයන්හි යතුරුපැදි ධාවනය කිරීමට විශේෂ මංතීරුවක්

Published in පුවත්
Tuesday, 04 August 2026 11:17

රධාන මාර්ගයන්හි යතුරුපැදි ධාවනය කිරීමට විශේෂ මංතීරුවක්

දිවයිනේ ප්‍රධාන මාර්ගයන්හි යතුරුපැදි ධාවනය කිරීම උදෙසා වෙනමම විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට කටයුතු යොදන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මෙම වැඩපිළිවෙළෙහි ආරම්භක පියවර කලවංචිකුඩි නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ඒ මහතා සඳහන් කළේය. වසරක් පාසා මෙරට සිදුවන්නා වූ රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සම්බන්ධ අනතුරු වන බැවින්, එම අනතුරු ප්‍රමාණය පාලනය කරගැනීමේ අරමුණින් මෙම විශේෂ මංතීරුව හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 2,500ක් විතර මාර්ග අනතුරුවලින් මියයනවා. 2025 දී 2,750ක් මැරිලා තියෙනවා. අපි යතුරුපැදිවල ඉස්සරහා සහ පිටුපස යන දෙගොල්ලන්ගෙන්ම 2019 දී 1,400ක් මියගිහින් තියෙනවා. මේ අවුරුදු 9,000ක් නැති වෙලා තියෙනවා යතුරුපැදිවල ගිහින්. ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්නම් යතුරුපැදි භාවිතය ගැන ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනේ. අපි ලංකාවේ පළවෙනි පාරට කලවංචිකුඩි නගරයේ යතුරුපැදි සඳහාම මංතීරුවක් ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. සුදු ඉරකින් නෙමෙයි බ්‍රේකර්ස් දාලා හදනවා. මොකද ඒ පැත්තේ යතුරුපැදි ටිකක් වැඩියි.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us