විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ජාත්‍යන්තර විනිසුරු සංගමයෙනුත් විරෝධයක් Featured

Published in පුවත්
Tuesday, 04 August 2026 09:14

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර විනිසුරු සංගමය පෙන්වා දෙන්නේ, අදාළ යෝජනා අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදුනොකළ යුතු බවය.

ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය 1953 වසරේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නගරයේ දී ආරම්භ කරනු ලැබීය. ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර විනිසුරු සංගමය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර සංවිධානයක් වේ.

ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනය කර ඇති මෙම යෝජිත නීති සම්පාදනය ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සංගමය ඇතුළු තවත් බොහෝ ආයතන සහ විචාරකයින් විසින් ප්‍රකාශ කරන ලද බරපතළ තත්ත්වයන් පිළිබඳ සිය සංවිධානයේ අවදානය යොමුව ඇති බව ජාත්‍යත්තර විනිසුරු සංගමය පෙන්වා දී තිබේ. මෙම නීතී සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට බව ඔවුන් පෙන්වා දෙයි. එසේ නොමැතිනම් අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ වන බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී රජයෙන් ගෞරාන්විතව ඉල්ලා සිටින බව ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

iaj 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us