දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට විශේෂ ආරක්ෂාවක්

Published in පුවත්
Tuesday, 28 July 2026 09:48

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය

බළකාය ද පෙරහැරේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවය.

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මත එම නර්තනය මෙවර නතර කිරීමට පොලිස්පතිවරයා විසින් පසුගියදා නිර්දේශ කර තිබුණි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතර එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා සහභාගී වූ සියලු කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබාදුනි.

ඒ අනුව පොලීසියේ සෘජු අධීක්ෂණය යටතේ අද දිනයේ දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය කාවඩි නර්තනය ද සමග විදී සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ද විවිධ අදහස් පළ වේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, වර්තමාන ආණ්ඩුවට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවය.

දෙවිනුවර දේවාලයේ මතුවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේ, යම් බුද්ධි තොරතුරක් ලැබුණු විට එය විශ්ලේෂණය කර තීරණ නොගැනීම යම් මොහොතක වැරැද්දක් විය හැකි අතර එය පොලීසියේ කාර්ය භාරයක් වන බවය.

එය ආණ්ඩුවේ අඩුපාඩුවක් ලෙස හුවාදැක්වීම යම් යම් කණ්ඩායම්වල ගැටලුවක් වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අපරාධ කල්ලි සාමාජිකයින්ට මෙරට සංස්කෘතික උත්සව පාලනය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් ක‍ළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us