එසේම මුදල් අමාත්‍යංශය ශ්‍රි ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරදි නොවන ප්‍රකාශ කිහිපයක් සිදුකර තිඛෙන ඛවද ඵම වාර්තාවේ සඳහන් වේ.
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ රාජ්ය මූල්ය පිළිබඳ කාරක සභාවට පිළිතුර දෙමින් මහ බැංකුව වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් එක් වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.
හැකරුන් කණ්ඩායමට, භාණ්ඩගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලකෂ 25 ක මුදලක් සොරකම් කිරීම සඳහා අවශ්ය පසුබිම සකස් වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පැවැති මූලික මෙහෙයුම් සහ පාලන දුර්වලතා හේතුවෙන් බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඵසේම මුදල් අමාත්යාංශයේ බාහිර ණය ගෙවීම සඳහා තිබෙන ක්රියාවලියේ අසාර්ථකත්වයද මෙම සොරකමට අවශ්ය පසුබිම සකස් කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.
මුදල් අමාත්‍යංශයේ බාහිර / සම්පත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ණය ලේඛනවලට අනුව ලැබී තිබෙන ගෙවීම් උපදෙස් නිවැරදි දැයි තහවුරු කර ගැනීමේ වැදගත්ම රාජකාරිය පැවැරී ඇති අමාත්යාංශ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකර නැතැයිද ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා වි සඳහන් වේ
හැකරුන්ට මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් තැපෑලේ ආරක්ෂාව බිඳ දැමීමට හැකිවීමත් ගෙවීම් උපදෙස් නිවැරදිදැයි තහවුරු කර ගැනීමට එම රාජකාරිය පැවැරී ඇති නිලධාරීන් අසමත් වීමත් හේතුවෙන් මෙම සොරකම සිදුවී තිඛෙන ඛව පැහැදිලි යැයිද ඵම වාර්තාවේ සඳහන් වේ.
ලංකාදීප වාර්තාවක් ඇසුරෙනි.

