බන්ධනාගාර ගැටුම වැළැක්වීමට වෙඩිතැබූ නිලධාරියට මරණ තර්ජන

Published in පුවත්
Friday, 10 July 2026 09:45

මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.

ඒ "තෝව අහුවුණොත් මරනවා. එළියෙදී අහුවෙන්න එපා, මරනවා" යනුවෙන්ය.

ඔහු මෙදින හටගත් හදිසි අවස්ථාවේ සේවයට වාර්තාකර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වෙයි.

මේ අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට බන්ධනාගාර දොපර්තමේන්තුව විසින් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

ගැටුම ඇති කළ බව කියන සුරේෂ්ට රැඳවියන් පිරිසක් පහරදෙයි

මීගමුව බන්ධනාගාරයේ ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාට ඔහු මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වෙයි.

පහරදීම හේතුවෙන් ඔහුට ඇවිදගැනීමට පවා අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ගැටුම කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා සමග ඔහුගේ සහචරයින් 13න් දෙනෙකු එක්ව සිදුකර ඇති බවට මේවන විට අනාවරණ වී තිබේ.

ඒ අතර රොකී නැමැති රැඳවියෙක් ද සිටින අතර ඔහු සුරේෂ් නැමැත්තා සමග එක්ව සම්පූර්ණයෙන්ම ගැටුම මෙහෙයවා සැඟවී සිට ඇති බව වාර්තා වෙයි.

ගැටුම ඇති වූ පසු ඔහු විසින් කිසිවකට සම්බන්ධ නොවූ අයුරින් බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව අනෙක් රැඳවියන් හට ආහාර පාන බෙදාදීමට එක්ව තිබේ.

ඒ අනුව අදාළ 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

අතුරුදන්ව තිබූ රිපිටර් වර්ගයේ ගිනිඅවිය හමුවෙයි

මීගමුව බන්ධනාගාරය භාරයේ තිබු රිපිටර් වර්ගයේ අවි 22 ක් හා T58 වර්ගයේ ගිනිඅවි 10 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

බන්ධනාගාරයෙහි වූ සෙසු ගිනිඅවි ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර බන්ධනාගාරයට අයත් අතුරුදන්ව තිබූ රිපිටර් වර්ගයේ ගිනි අවියද බන්ධනාගාරය තුළ තිබියදීම සොයාගෙන තිබේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us