දන්සැල් හැකි ඉක්මනින් ලියාපදිංචි කරන්නැයි දැනුම් දීමක්

Published in පුවත්
Saturday, 23 May 2026 18:54

වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වීම සඳහා මේවනවිට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මැයි 29 වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි.

කෙසේවෙතත් දන්සලක් ලබාදීමට අදහස් කරන්නේ නම් එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර ඇත.

එහිදී අදහස් දැක්වූ මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,

" වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස මුල සිට අපි ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඊයේ දිනය අවසන් වන විට දිවයින පුරා දන්සල් 2388ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරියටත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වෙසක් පෝයට පෙර දිනය දක්වා මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිද්ධ කරනවා. නමුත් ඔබ දන්සලක් ලබා දීමට අදහස් කරන්නේ නම්, එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිද්ධ කරගන්න. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු වගේම, එම දන්සල් කෙසේද සෞඛ්‍ය ක්‍රමානුකූලව ලබා දෙන්නේ කියන එක පිළිබඳව ඔබට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබනවා. එම කටයුතු සඳහා පහසුවීම සඳහාත්, ඔබ දන්සලක් ලබා දෙනවා නම් එය හැකි ඉක්මනින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී ලියාපදිංචි කරගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us