විපක්ෂ නායකවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය අතර හමුවක්

Published in පුවත්
Saturday, 23 May 2026 18:24

ශ්‍රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය කොළඹ දී හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන ඉසබෙල් මාටින් මහත්මිය අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මේ ද්විපාර්ශ්වීය හමුව අතරතුර දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය විසින් ශ්‍රී ලංකාව මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග සම්බන්ධයෙන් මෙන්ම දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ විනාශයෙන් පසු රටට බලපෑ සමාජ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ මේ වන විට බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ක්ෂණික සහන, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බවත් රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත මෑත කාලයේ ඔහු සිදු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද මෙහි දී නැවත අවධාරණය කළේය.

එසේම කැනඩාවේ ශක්තිමත් දේශගුණික, මූල්‍ය සහ සංවර්ධන පියවර සම්බන්ධයෙන් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය (climate-smart agriculture) ශක්තිමත් කිරීම, තිරසාර ඉඩම් පරිභෝජනය සහ ජල පෝෂක කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ දැඩි අවදානමට ලක්විය හැකි වියළි කලාපය පුරා සිටින කාන්තා ගොවීන් බලගැන්වීම අරමුණු කරගත් කැනේඩියානු ඩොලර් මිලියන 5 ක ව්‍යාපෘතිය වන "ඇක්සස් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය අගය කළේය.

තවද ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ කල් පවතින ජනවාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගත් අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් ලෙස පවතින බව සඳහන් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තම ස්ථිර දේශපාලන කැපවීම නැවත වරක් තහවුරු කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us