ගංඟාවල ඉහළ ගිය ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින්

Published in පුවත්
Saturday, 23 May 2026 07:44

අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පැය24 තුළ ලැබුණු වර්ෂාතනයන් සැලකීමේ දී වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව වාර්තා වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එමෙන්ම කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව මි.මී 50 -100ත් අතර තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

කෙසේවෙතත් ගංඟාවල ඉහළ ගිය ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එහි විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැලණි ගඟේ නාගලගම වීදියේ ජල මට්ටම ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එහි තවදුරටත් වැඩිවීමක් නොමැති බවය.

ඇල්ලගාව, මිල්ලකන්ද යන ස්ථානවල ද ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද සඳහන්.

කෙසේවෙතත් තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් කැලණි ගඟ, කළු ගඟ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි අතර ඒ පිළිබඳව අදාළ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us