අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (05) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්.
රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා."
ඇතැම් අවස්ථාවලදී ආසනයක් වෙන් කරගැනීමට රුපියල් 200ත් 300ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙයි.
නව ක්‍රමය හේතුවෙන් ආසන වෙන් කිරීමේදී රුපියල් 30ක් වැනි සුළු මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගත වන බව ද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම ක්‍රම තුනකින් සිදු කළ හැකිය.
www.busticket.gov.lk වෙබ් අඩවියට ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් මගින් සම්බන්ධවීමෙන් ද 011-200 1266 ක්ෂණික දුරකථනය මගින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති KIOSK යන්ත්‍ර මගින් ද මෙම වෙන්කිරීම් සිදු කරගත හැකිය.

