වාහන මිල ඉහළ යන ලකුණු

Published in පුවත්
Sunday, 03 May 2026 19:51

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මීට හේතුව බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීම ද වාහන මිල වැඩවීමට හේතුවක් වනු ඇති බව ප්‍රසාද් මාන්නගේ මහතා අවධාරණය කළේය.

"රජය වාහනය ආනයනය කරන එකෙන් ලොකු ආදායමක් බලාපොරොත්තු වෙනවා. මගේ ගණනය කිරීම හරි නම් බිලියන 700ක් විතර මේ වතාවේ බලාපොරොත්තු වෙනවා. රජයට වැඩිපුර ආදායමක් ලබා දෙන්නේ අපි. විශේෂයෙන්ම භාවිත කරන ලද කාර්වලින්. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඩොලරයකට ඩොලර් 1.5ක ආදායමක්. අපි ගෙන්වන වාහනවලදී ඩොලර් දෙකක්, 2.5ක් දක්වා බදු ගෙවනවා. සමහර විද්‍යුත් වාහන ආනයනයේදී තියෙන බදු ප්‍රශ්න නිසා ඩොලර් එකකට ඊටත් වඩා අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. මේවා විශ්ලේෂණය කරලා බලන්න කියලා අපි රජයට කියලා තියෙනවා. රජය බලාපොරොත්තු වෙන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කළ කාර්වලින් ලැබෙන නිසා රජය දිනුම් වගේ පේනවා.

මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ 2.5ක් වෙලා තියෙනවා. ඒ එකක්ම විදේශ විනිමය අනුපාතවල අගයන් වැඩි වෙලා තියෙනවා. වාහනවල මිලවල යම් ඉහළ යාමක් ඉදිරියේදී දකින්න පුළුවන්."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us