මෙරටින් තුරන්කල සරම්ප යළි හිස ඔසවයි ? කොළඹින් රෝගීන් දෙදෙනෙක් !

Published in පුවත්
Thursday, 23 April 2026 20:19

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.

එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක්ද පවතින බවය.

"2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනා‍ගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. "

"මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා. සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝග වලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. එ් වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us