මියයන විට ඔහු 47වන වියේ පසු විය.
2000 වර්ෂයේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ ඒ මහතා පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වලද සේවය කර ඇත.
ගාල්ලේ උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු ද වේ.
ඔහුගේ දේහය හෙට (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.
එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරෙන බවද සඳහන්.

