රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි

Published in පුවත්
Tuesday, 31 March 2026 20:00

කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය එළැඹෙන සිකුරාදා (03) සිට මාර්ගගත ක්‍රමයට සිදුකරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ පර්ශවකරුවන් දැනුම්වත් කිරීමේ අද (31) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය හරහා ඉදිරියේදී ඉතාම විනිවිද භාවයකින් සහ වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීම සිදුකරණ බවය.

"ලංකාවට ආනයනය කරන බහාලුම් පරික්ෂාවට ලක් කරන්නේ කොළඹ වරාය ඇතුලේ නෙමෙයි එළියේ තියෙන බහාලුම් අංගන තුනක් භාවිතා කරලා. මේ බහාලුම් අංගන 3ට කොළඹ වරායේ සිට බහාලුම් නිදහස් කිරීමේදී මෙතෙක් අපි අනුගමනය කළේ manual process එකක්. dealing agentලා ගේට්ටුවට යන්න ඕනේ. ඒ අයගේ pass එක පෙන්නන්න ඕනේ. ඒක register කරන්න ඕනේ. ඒ වගේ manually කරන ක්‍රමවේදයක් තිබුණේ. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගොඩක් චෝදනා තිබුණා. විශේෂයෙන්ම මේ ක්‍රමය අසාර්ථකයි කියලා. යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා කියලා. බෝහෝ චෝදනා තිබුණා විවිධ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චෝදනා කරලා තිබුණා අපි දැක්කා. යම්කිසි ඇත්තකුත් තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකා රේගුව තීරණය කලා මේ manual process එක digitalised කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ Information and Communication Technology අංශය තොරතුරු තාක්ෂණ අංශය මගින් මේ ක්‍රමවේදය මාර්ගගත ක්‍රමයට කරන්න ක්‍රමයක් සූදානම් කරලා මේකට විශේෂ application ඒකක් develop කරලා ඒක තමා අපි අද සමාජගත කරන්නේ. මේ digital කරපු ක්‍රමාවේදය මේ සතියේ සිකුරාදා සිට අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම විනිවිද භාවයකින් යුතුව වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය වංචා සහ දූෂණ කිසිම දෙයක් නැතුව අපිට එන පැමිණිලි සියල්ලක්ම තේරුම් අරගෙන ක්‍රමයක් හදලා තියෙනවා. විනිවිදභාවයකින් යුතුව කිසිම අක්‍රමිකතාවයකින් තොරව වරායෙන් බහාලුම් පරීක්ෂණ අංගන සඳහා නිදහස් කිරීමේ ක්‍රියාවලිය මේ සතියේ සිකුරාදා සිට තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුවෙනවා."

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us