විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ (30) දිනයේදී London Metal Exchangeහිදී 3%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කලාපයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම සඳහන් කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට දැඩි හානි සිදුවී ඇති බවයි.
මේ අතර ඇලුමිනියම් බහරේන් සමාගම ද, තම මධ්‍යස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට තක්සේරු කරමින් සිටින බව සඳහන්.
මෙම සැපයුම් ජාලය අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම ගෝලීය ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙම මිල ඉහළ යාම සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

