මාස 3ක් ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 1000 ඉක්මවයි

Published in පුවත්
Tuesday, 31 March 2026 09:36

මේ වසරේ මේ දක්වා කාලය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්හට සිදුවූ අකටයුතුකම් සම්බන්ධව පැමිණිලි දහස ඉක්මවා ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක විසිපහෙන්ම මේ දක්වා කාලය තුළදී ළමුන් සම්බන්ධව පැමිණිලි එක්දහස් හාරසිය අනුවක් ලැබී ඇත.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව එකසිය හැටපහකි.

ගම්පහ, කළුතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින්ද ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී තිබේ.

ළමුන් කෘෘරත්වයට පත්වීම සම්න්ධව වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දෙසිය අසුපහකි.

ඒසේම ළමා විවාහ සම්බන්ධවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි තුනක් ලැබී තිබීම විශේෂත්වයකි. තවද අනිවාර්යය අධ්‍යාපනය ලබා නොදීම සම්බන්ධව පැමිණිලි දෙසිය විසිතුනක් ලැබී ඇත.

මෙම පැමිණිලි අතර පැහැරගෙන යාම්, සිඟමනේ යෙදිම, ලිංගික අපයෝජන, බරපතළ තුවාල සිදුකිරීම, කෘරත්වයට භාජනය කිරීම, නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය, ලිංගික අතවර කිරීම, ලිංගික සුරා කෑම, ළමා විවාහ, ළමයින් වෙළෙදාම් කිරීම වැනි සිදුවීම් ඇත. පසුගිය වසරේදි ළමුන් සම්බන්ධව පැමිණිලි හයදහස් දෙසිය අනු අටක් ලැබී තිබිණි.

ළමුන් සම්බන්ධව යම් සිදුවීමක් වාර්තා වුවහොත් 1929 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් මෙම සේවාව පය 24 පුරාම දින 365 තුළම ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය දැනුම් දෙයි.

මෙම දුරකථන ඇමතුම් සියලුම දුරකථන ඇමතුම් ගාස්තුවලින් නිදහස් කර ඇත. එසේම මෙම දුරකථන සේවයට වයස අවු 18ට අඩු ඕනෑම ළමයකුට සම්බන්ධව ළමා අපයෝජනවලට අදාළ පැමිණිලි හෝ තොරතුරු ඕනෑම ළමයකුට, දෙමපියකුට, භාරකරයකුට, ඕනෑම අයකුට හෝ ආයතනයකට සිදුකිරීමේ හැකියාව පවතියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us