උත්සව සමයේ හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට

Published in පුවත්
Saturday, 28 March 2026 20:11

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ පවතින තෙල් අර්බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවතිය ද එය රුපියල් 1,250ක මිල යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර බවය.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ගණන් සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,

'' අප්‍රෙල් මාසේ වෙද්දී සියලුම ගොවිපොළවල් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරනවා.. හිඟයකින් තොරව මස් හා බිත්තර ලබා දෙන්න තමා අපේ උත්සාහය තිබ්බේ. නමුත් රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය නිසා පවතින ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන වි‍යදම් අධික වෙලා තියෙනවා. ඒකේ පිරිවැය අපිට දරන්න වෙනවා.. එතකොට කුකුල් මස්වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ ප්‍රමාණය දෙන්න පුලුවන් ද කියන එක මත මිල උච්චාවචනය වෙනවා.. වෙළෙඳපොල තමා මිල තීරණය කරන්නේ අපි නෙමෙයි.. අපි බලාපොරොත්තු වෙනවා හිඟයකින් තොරව සැපයුම ලබා දෙන්න මොකද හිඟයක් ඇති වුණොත් ඒ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.. හදිසියේ ඩීසල් නැති වුණොත් ප්‍රවාහනය නැති වුණොත් ඉදිරිය කියන්න බෑ අපිට''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us