ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බව GMOA කියයි

Published in පුවත්
Thursday, 26 March 2026 20:31

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ දේශපාලනික අවශ්‍යතා මත දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අඩු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල ඇති දුෂ්කරතාවයන් තවමත් අඩු‌නොවී එලෙසම පවතින බවය‍.

මෙය තුළින් වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර මෙම ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද සේවා ස්ථාන වැසියාමේ තර්ජනය තවදුරටත් උග්‍රවනු ඇති බව එහි දැක්වෙයි.

මෙරට තුළ ඉතාමත්ම දුෂ්කර සේවා ස්ථාන ගණනාවක් හදුනාගෙන ඇති අතර ඒ්වායේ රාජකාරි කිරීමට යොමුවන වෛද්‍යවරුන් හට ලබාදෙන එකම දිරිගැන්වීම වන්නේ සේවා කාලය වසරකින් පසු ලබා දෙන විශේෂ 'දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුවක්' මඟින් ස්ථාන මාරුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමය.

මෙම දිරිගැන්වීම කිසිදු සාකච්ඡාවකින් හෝ පාර්ශවකරුවන්ගේ එකඟතාවයකින් තොරව නීතිවිරෝධී ලෙස වසර 02ක් දක්වා දිගු කිරීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි‍.

මෙම ක්‍රියාව තුලින් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වන අතර එසේ කරන්නේ නම් විශේෂ ස්ථානමාරු ලැයිස්තුවක් පැවතීමේ අවශ්‍යතාවය ද ප්‍රශ්නසහගත වේ.

මන්දයත්, සේවා කාලය වසර 02කින් පසු වාර්ෂික ස්ථානමාරු සඳහා ද ඉල්ලුම් කළ හැකි බැවින් මෙය හුදු දේශපාලනික අවශ්‍යතාවයක් උදෙසා වෛද්‍යවරුන් අවභාවිතා කිරීමට ලබා ගන්නා ලද තීරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කීය.

මේ අතර 2025 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවේ පුරප්පාඩු 78ක් නීත්‍යානුකූල නොවන ලෙස අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා විසින් අත්තනෝමතිකව සහ නීත්‍යානුකූල නොවන ලෙස ඉවත් කර ඇති බව‍ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනාවරණ කරයි.

මේ හේතුවෙන් එම වසරේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ සිටින වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට තමන්ට හිමිවිය යුතු රාජකාරි ස්ථාන අනුපිළිවෙල අනුව ස්ථානමාරු අවස්ථාව ලැබීම අහිමිවී ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය 2026 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව සම්බන්ධයෙන් ද බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් සුදානම් වන බවට ඔවුන් අනාවරණය කළේය.

තෝරාගත් පිරිසකට පමණක් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ පලිගැනීමේ චේතනාවෙන් එම ස්ථානමාරු කටයුතු සිදු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට දැඩි අසාධාරණයකටත් අපහසුතාවයකටත් මුහුණ පා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව යන ලැයිස්තුන් දෙකම නිසි ක්‍රමවේදයෙන් බැහැරට ගොස් තාක්ෂණික උපදෙස් අත්හැර දමමින් දේශපාලනිකරණයට ලක් කර ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

පෙර කිසි දිනක සිදු නොවු ලෙස කැබිනට් මණ්ඩල අනුමැතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් ඇති බව තමන්ට මාධ්‍ය මඟින් තොරතුරු වාර්තාවී ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

විශේෂඥ, පරිපාලන සහ ශ්‍රේණි යන කාණ්ඩ තුනෙහි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ආයතන සංග්‍රහය, කාර්ය පටිපාටි රෙගුලාසි අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ස්ථානමාරු මණ්ඩල මඟින් සාකච්ඡා කර තීරණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදය වේ.

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ක්‍රමවේද ආරක්ෂා කිරීම ප්‍රඥප්තිය කරගත් රජයක සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රමවේද කඩා බිඳ දමමින් ඉතා උද්දච්ච ලෙස ක්‍රමවේද සියල්ල දේශපාලනීකරණය කරමින් කැබිනට් මණ්ඩලය වෙත බලය ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us