බස් ගාස්තු ඉහල යෑමෙන් ජනතාව දුම්රිය භාවිතය වැඩි වෙයි ! දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබයි

Published in පුවත්
Thursday, 26 March 2026 09:54

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග බස් ගාස්තු වැඩිවීම සැලකිල්ලට ගෙන, ජනතාව වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට යොමුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ඊයේ (25) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දින කිහිපය තුළ ලාභ ලබමින් සිටින බවය.

තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීම සඳහාද ජනතාව දුම්රිය වෙත ජනතාව යොමුවනු ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය වාර ප්‍රමාණය වැඩි කරන ලෙසත් ඔහු වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹ කොටුවට පැමිණෙන සහ ආපසු යන මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

කෙසේ නමුත් මගී ඉල්ලුම වැඩි වුවද දුම්රිය ගමන් වාර කප්පාදු කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම පවතින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු නොකරන්නැයි ඔහු ඉල්ලා සිටී.

ජනතාවට ඇති එකම සහනදායී ප්‍රවාහන ක්‍රමය දුම්රිය බවත් ඔහු අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us