භාණ්ඩ සඟවමින් අසාධාරණ ලෙස ඉහළ මිලකට අලෙවි කරන වෙළදුන් සොයා විමර්ශන

Published in පුවත්
Thursday, 26 March 2026 09:38

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළ තුළ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පිටකොටුව තොග වෙළෙඳුන් සඳහන් කළේ පරිප්පු, හාල්මැස්සන්, පොල්තෙල් ඇතුළු සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇති බවය.

මේ අතර වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම මගින් කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ මවා පෑමටත්, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමටත් පෙළඹි ඇති බවය.

උත්සව සමයේ වෙළෙඳපොළ තුළ සිදුවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීමේ අරමුණින් අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී ද අඛණ්ඩව රාජකාරීයේ යෙදවීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගිකයින්ට සිදුවන යම් අසාධාරණයක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us