“සතොසින් පිරි අවුරුදු සිරි” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර රුපියල් 2500ට වැඩි සෑම මිළදී ගැනීමක් සඳහාම අගනා ත්‍යාග පිරිනමන කූපන් පතක් හිමි වනවා.
එම කූපන් පත් අතරින් ප්‍රවර්ධන වැඩසටහන අවසන් වන අප්‍රේල් මාසය අවසානයේ දී දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා ජයග්‍රාහකයන්ට BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, Electric Scooter යතුරුපැදි, ගෘහ භාණ්ඩ කට්ටල, Smart ජංගම දුරකථන ඇතුළු ත්‍යාග පිරිනමනු ලබනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරියේදී තව තවත් මිල අඩුකිරීම් සිදුකිරීමට ලංකා සතොස ආයතනය සැලසුම් කර තිබෙනවා.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (20)මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ මෙම ප්‍රවර්ධන වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා සැපයුම්කරුවන් ද එක්වුණා.

