QR සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

Published in පුවත්
Friday, 20 March 2026 07:32

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

පාරිභෝගිකයින් ලියාපදිංචි වීමේදී හෝ පද්ධතිය භාවිතා කිරීමේදී මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ බාධාවන් කඩිනමින් විසඳා දීම මෙහි අරමුණ බව සඳහන්ය.

ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීමේදී ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමු කළ හැකි බව සඳහන් වේ.

මෙම සේවාව හරහා පද්ධතිය භාවිතය පිළිබඳ මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබා දෙන අතර, වංචනික ක්‍රියාකාරකම් හෝ පද්ධතිය අවභාවිත කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරුද දැනුම් දීමට හැකි වේ.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට රජය විසින් අනුමත කළ නිල වෙබ් අඩවිය https://fuelpass.gov.lk/ පමණක් භාවිත කරන ලෙසද ජනතාවට දැනුම් දී ඇත

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us