මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන්

Published in පුවත්
Friday, 13 March 2026 19:08

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්‍රාමීයව ජීවත් වන බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ප්‍රථමයෙන් කළ යුතුය.

ඒ අනුව එක් එක් ග්‍රාම සේවා වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වනවිට මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය හමුවේ ගෝලීය ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවී තිබේ.

පසුගිය මාස 15ක පමණ කාලය තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම හේතුවෙන් අපට එම බලපෑම අවම කර ගැනීමට හැකියාව ලැබූ බව ඒ මහතා පැවසුවේය.

එසේ නොවුනානම් යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වන බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us