මෙම ගිවිසුම 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා දින සිට බලාත්මක වීමට නියමිතය.
ඒ අනුව, ඉහත ගිවිසුම යටතේ රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම සඳහා වන අයදුම්පත් 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා දින සිට භාරගන්නා බව ද තනාපති කාර්යාලය දන්වා සිටී.
මේ සඳහා සෑම දිනකම තානාපති කාර්යාලයේ විශේෂ කවුන්ටරයක් මහජනතාවට සේවා ලබා ගැනීම සඳහා විවෘතව පවතිනු ඇති බවත් මේ සඳහා බ්‍රහස්පතින්දා දිනවලදී තානාපති කාර්යාලයට පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලබන බවත් වැඩිදුරටත් දන්වා සිටි.


