ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හුවාදක්වමින් ජී.එල්. පිරීස් මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළටද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත්, දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඒ මහතා පෙන්වා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ වැනි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්‍රවේශ වීම අහිමි වී යා හැකි බවත් එමඟින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම පවතින ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගල්ෆ් කලාපයෙන් පැමිණීමට නියමිතව සිටි සංචාරකයන් විශාල වශයෙන් මේ වන විට, වෙන් කරවාගත් නවාතැන් පහසුකම් ද අවලංගු කරමින් සිටින වාතාවරණයක සංචාරක හෝටල් ක්ෂේත්රයට එයින් දැනටමත් බලපෑම එල්ල වී ඇති බව ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
තවද සමස්ත ගල්ෆ් කලාපය පුරා සේවය කරන ශ්‍රී ලාංකික ශ්රමිකයන් මෙරටට එවන විදේශ විනිමය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඒ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

