කමේනිගේ අභාවයට ශෝක නොවන බව ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක් Featured

Published in පුවත්
Sunday, 01 March 2026 20:06

අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ලෝකය හෝ ඔස්ට්‍රේලියාව කිසිසේත්ම ශෝක නොවන බව පවසමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් දැඩි ප්‍රකාශයක් සිදු කර ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කිරීමත් සමඟ, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මෙම ප්‍රකාශයක් සිදු කර තිබේ.

"අයතුල්ලා අලි කමේනි යනු ඉරාන පාලන තන්ත්‍රයේ බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්වලට මෙන්ම, සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දීමට වගකිව යුතු පුද්ගලයා" බව ඇල්බනීස් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

ඉරාන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ බෝම්බ ප්‍රහාර, ප්‍රචණ්ඩ ක්‍රියා සහ බිය වැද්දීම් පිටුපස සිටි ප්‍රධානියා ඔහු බවට අග්‍රාමාත්‍යවරයා චෝදනා කර තිබේ.

වඩාත් වැදගත් කරුණක් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියානු භූමිය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ද කමේනි වගකිව යුතු බවයි.

"ඔහුගේ අභාවය වෙනුවෙන් කිසිවෙකු ශෝක නොවනු ඇත (His passing will not be mourned)," යනුවෙන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාව ද අමෙරිකාව සහ ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි සිය එකඟතාවය වක්‍රව පළ කර ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us