පසුගිය 17 වන දින ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතය.
මීට පෙර වසරවලදී ද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතර එම විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව දෙමව්පියන්ද සිය දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය දැනුම්දෙයි.

