වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි

Published in පුවත්
Tuesday, 24 February 2026 19:57

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයින් 505,751 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 228,424 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුන තුළ සෑම සතියකම සංචාරක පැමිණීම් 70,000 සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයකි. එහිදී පළමු සතියේ 70,355ක්, දෙවන සතියේ 77,870ක් සහ තෙවන සතියේ 71,101ක් ලෙස වාර්තා වී ඇත.

සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දියාව සිට පැමිණි අතර, එම සංඛ්‍යාව 89,277ක් ලෙස සටහන් වේ. එමෙන්ම එක්සත් රාජධානිය 55,407, රුසියාව 45,351, ජර්මනිය 35,413 සහ චීනය 31,621 යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us