අළු බදාදා දිනය අදයි - දිවයින පුරා කිතුනු දේවස්ථානවල විශේෂ පුජා

Published in පුවත්
Wednesday, 18 February 2026 08:53

“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කෙරෙන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදට (18) යෙදී තිබේ.

අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කෙරේ.

ඊට සමගාමීව, අදින් චතාරික සමය ද ආරම්භ වෙයි. චතාරික සමය යනු කිතුණුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කරන ආගමික සමයකි.

මෙම සමය සාමාන්‍යයෙන් දින 40ක කාලයක් පුරා පැවැත්වෙන අතර, ආත්ම පරීක්ෂණය, පශ්චාත්තාපය, උපවාසය සහ යාච්ඤාවට විශේෂ අවධානය යොමු කරමින් බැතිමතුන් ආධ්‍යාත්මිකව සූදානම් වීම මෙහි මූලික අරමුණ වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us