පා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

Published in පුවත්
Thursday, 12 February 2026 09:18

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී ඒකමතිකව ඒම පනත සම්මත වු බවය.

"රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ඒකමතිකව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පත අනුමත කළා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කල එක කරුණක් තමයි මේ අවුරුදු කිහිපයක් පාර්ලිමේන්තුවේ ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගන්නා විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියන එක. දැනට 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත මේ අලුත් පනත ඔස්සේ අහෝසි වෙනවා. ලබන සතියේ දී මේක පාර්ලිමේන්තුවේ දී මේක සම්මත කරගත්තට පස්සේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නෑ. සේවයක් විදියට කරගෙන යන්න ඉඩ හම්බෙනවා ඊට පස්සේ. අපි හිතනවා මේක දේශපාලන සංස්කෘතිය පැත්තෙන් එහෙම නැතිනම් අපි මැතිවරණයට කලන් දීපු පොරොන්දු පැත්තෙන් ඉතාම වැදගත් පියවරක් කියලා. මේ වගේ ක්‍රියාවලින් හරහා අපි මොන පාරේද යන්නේ කොහොමද මේක ඉස්සරහට යන්නේ කියන එක ගැන තහවුරුවක් ලබා දෙනවා කියන එක අපි විශ්වාස කරනවා. "

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us