සත්‍යග්‍රහයේ නිරත ධීවර පිරිස ඉවත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Tuesday, 10 February 2026 19:42

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එතැනින් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයන් සිදු කරන උද්ඝෝෂනය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන ලෙස නියෝගයක් නිකුත් කරනැයි කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබිණි.

අදාල මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත් ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය .

එසේම උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කළේය .

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බලකරමින් මාදැල් ධීවරයින් අඛණ්ඩව අද (10) හයවන දිනටත් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us