විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක්

Published in පුවත්
Friday, 06 February 2026 08:21

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය.

මෙම කාලසීමාව තුළ ඉහත ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව මෙය ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම්

මේ අතර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ඔවුන් මහජනතාවට දැනුම්දී සිටී.

ඒ අනුව ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන පැමිණීම තහනම් කර ඇත.

එමෙන්ම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සේවයේ යොදවා ඇති බව පොලීසිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us