කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Published in පුවත්
Wednesday, 04 February 2026 09:22

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (04) දිනය තුළ ක්‍රියාත්මක වෙයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයට අනුව විශේෂ රථවාහන සැලැස්ම අද අලුයම 03:00 සිට ජාතික නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් පහත සඳහන් මාර්ගයන්හි ගමනාගමනය සීමා කරනු ඇත කරන බව පොලීසිය පවසයි.

1. හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම.

2. පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළුවීම.

3. ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම.

4. කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම.

5. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.

6. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පද නම් ආයතනය දෙසට ඇතුළු වීම.

7. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම.

8. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම.

9. විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම.

10.මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්. ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම.

11.නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම.

12.හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.

ඉහත ගමනාගමනය සීමා කරනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන් හා ආයතන වෙත රාජකාරියට බාධාවක් නොවන අයුරින් ගමන් කිරීමට අවස්ථාව හිමිවන බව පොලීසිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us