එතුමා සදහන් කළේ හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
තවද මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.
මේ අතර නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය .

