දිට්වා නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ සමාරම්භක උත්සවය අද

Published in පුවත්
Tuesday, 27 January 2026 07:45

දිට්වා නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ සමාරම්භක උත්සවය අද

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ සහ මාතලේ යන නගරවල පිහිටි විහාරස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාතික වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන සහ ආගමික කටයුතු සඳහා ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන "ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන" බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සිදුකරනු ලබයි.

ආපදා තත්ත්වය හමුවේ ආගමික සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

එම ස්ථානවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත්කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා වන අයුරින් මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයින්ගේ මඟපෙන්වීම යටතේ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගමිනින් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us