මේ හේතුව මත උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම සායනයට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සිට ඇති අතර, එක් විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්‍රාම යාමත් සමග මෙම අර්බුදය හටගෙන ඇත. ඒ සඳහා වැඩ බැලීමට වෛද්‍යවරයෙක් යොමුකර ඇතත් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සියයට හැටකින්ම නතරව ඇතැයිද වෛද්‍යවරු පවසති. මීට අමතරව එම සායනය තුළ සිටිය යුතු ශ්‍රේණි වෛද්‍යවරුන්ද ප්‍රමාණවත් නැතැයි එම සායනයේ වෛද්‍යවරු කියා සිටිති.
සායනයට පැමිණෙන රෝගීන්ට සති කිහිපයක් තිස්සේ රස්තියාදු වී ප්‍රතිකාර ලබා නොගෙන ආපසු හැරී යාමට සිදුව ඇත.
ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ වෛද්‍යවරු සියයට 60ක් නොමැති බව කියමින් ඊයේ (20) දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
මේ සම්බ්නධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ‘අරුණ’ කළ විමසීමේදී විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ වෙනත් රෝහලක සිටින උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් මෙම සායනය වෙත යොමු කිරීමට නියමිතව ඇති බවයි. එහෙත් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවද එම වෛද්‍යවරයා කියා සිටියේය.

