ඔයාගේ නමත් සඳට යවන්න ආසද ?මෙන්න නාසා ආයතනයෙන් අවස්ථාව Featured

Published in පුවත්
Monday, 19 January 2026 14:27

නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.

“Send Your Name with Artemis II” නමැති මෙම විශේෂ වැඩසටහන යටතේ ලියාපදිංචි වන පුද්ගලයන්ගේ නම්, සඳ වටා ගමන් කිරීමට නියමිත ඔරියන් (Orion) යානයේ තැන්පත් කෙරේ.

මෙම Artemis II මෙහෙයුම, නාසා ආයතනය විසින් සඳ වෙත මිනිසුන් රැගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනේ පළමු මිනිස් සහිත අභ්‍යවකාශ චාරිකාව ලෙස වාර්තා වේ.

ඒ අනුව, තෝරාගත් ගගනගාමීන් පිරිසක් සමඟ මහජනතාවගේ නම් ඇතුළත් දත්ත ගොනුව ද රැගත් ඔරියන් යානය 2026 අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම මගින් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය දියුණු තාක්ෂණික පද්ධති සජීවීව පරීක්ෂාවට ලක් කෙරේ.

මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකුට නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා සිය නම ඇතුළත් කර අතථ්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් (Virtual Boarding Pass) ලබා ගැනීමට ද පහසුකම් සලසා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us