සිසුන් 50ට අඩු පාසල් 1600 කට වැඩි බව අනාවරණයක්

Published in පුවත්
Tuesday, 30 December 2025 08:07

සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

පසුගිය වසර වන විට සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව වූයේ එක්දහස් පන්සිය පහකි. එම සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී ඇත්තේ පසුගිය ජුනි මාසයට අදාළව ය. මේ වන විට එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතරින් වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික පාසල් ය. රජයේ පාසල්වල 1 වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව ද වසරින් වසර ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර මෙම වසරේ දී එම සංඛ්‍යාව දෙලක්ෂ හැට හය දහසක් පමණ විය. මෙම තත්ත්වය හේතුවෙන් එම පාසල්වල සිටින ප්‍රාථමික පුහුණු ගුරුවරුන් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට සිදු වනු ඇතැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේය.

මෙම පාසල් වැසීයාම වැළැක්වීමට ඒවා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින අතර ඒ සඳහා සුදුසු පාසල් කවරේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍යාංශය සියලුම පළාත්වලට දැනටමත් දන්වා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us