වී තොග සතොස ඇතුළු වෙළෙඳ ජාලයන්ට නිකුත් කරන්න වැඩපිළිවෙලක්

Published in පුවත්
Friday, 26 December 2025 19:39

පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබු වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති විසින් අනාවරණයක් සිදු කර තිබේ.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොස වෙළෙඳ ජාලයටත් වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

මෙවැනි ක්‍රමයක් භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පවසන සභාපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් විශේෂයෙන්ම මෙහිදී ලියාපදිංචි, වී මෝල් හිමියන්ද මෙයට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමයට සහභාගී වන ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් නාඩු සහල් පමණක් මෙම ක්‍රමය යටතේ ලබා ගන්නා බවද, මෙලෙස ලබා ගන්නා නාඩු වී රුපියල් 125ක නිර්දේශ මුදලකට නිකුත් කරන බවද ඔහු පැවසීය.

ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීම ප්‍රාදේශිය කාර්යාල මගින් මෙන්ම සතොස ප්‍රධාන කාර්යාලයෙන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකි බවද වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ලියාපදිංචි වී මෝල් හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය එළඹෙන ජනවාරි මස 05වනදා බවද ඔහු සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us