ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවා තිබූ විශේෂ ලිපිය මගින් මේ බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය එවා තිබූ ලිපියේ සඳහන් පරිදී , “ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තුදීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමග උරෙන් උර ගැටී සිටින්නෙමු.” යනුවෙන් ද සඳහන් කර ඇති අතර
සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ලිපියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.

