පවතින නායයාම් තත්ත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත හක්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සැලසුම් මෙහිදී අමාත්‍යතුමා විසින් අදාළ නිළධාරීන් වෙත ලබා දී තිබේ.
ඒ අනුව හක්ගල උද්භිත උද්‍යානය නොබෝ දිනයකින් සංචාරකයන් වෙත විවෘත කෙරෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ කේ. බණ්ඩාර මහතා, නුවරඑළිය දිස්ත්‍රික්භාර භූවිද්‍යාඥ බුද්ධික මහතා සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද සහභාගී වූහ.

